Echo

වැසූ හිස් ශාලාවක දී හඬ දෝංකාර දෙන්නේ ඇයි?

වැසූ ශාලාවෙන් හඬක් පිටවීමට නොහැකි නිසා ඒවා බිත්තිවල වැදී ආපසු පරාවර්තනය වේ. එම හඬ නැවත නැවතත් පරාවර්තනය වේ. එකම හඬ හඬවල් කිහිපයක් සේ ඇසෙන්නේ එම නිසායි.

කටුස්සා

කටුස්සාගේ පාට වෙනස් වන්නේ කෙසේද?

කටුස්සා පාට වෙනස් කරන්නේ තම ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිසය. කොළ අත්තක වැසූ විට ඔහු කොළ පාටය. ගසක කඳක සිටින විට ඌ දුඹුරු පැහැයෙන් යුක්තයි. නො එසේ නම් කොළ. කහ හෝ කොළ, රතු හෝ කහ කොළ වැනි වර්ග දෙකකින් සමන්විතයි. මෙම වර්ණ වර්ධක සෛල කටුස්සාගේ සමේ සෛලවල පිහිටා ඇත. ඌට අවශ්‍ය වූ විට එනම් බියපත් […]

Insulin

දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් ලබා දෙන්නේ ඇයි?

ඉන්සියුලින් හෝමෝනය ප්‍රෝටීනයකි. ඒවා ආමාශ ගතවූ විට පෙප්සීන් සැදී රුධිරයට එකතුවීමට ඇති ඉඩකඩ අඩු නිසා ඉන්සියුලින් කෙලින්ම සිරුරට එන්නත් කරනු ලබයි. ඒවා ඉක්මනින් ලේ වලට මුසුවී සිරුරට අවශෝෂණය වේ. මෙමඟින් දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සිදු වේ.

Trailer

දිගු ටේලරයක පසුපසට වැඩි බරක් පටවන්නේ ඇයි?

රියැදුරු අසුන අසල සිටම එක සමාන බරක් පැටවුවහොත් කඳු, පල්ලම් වලදි එම බර ඉදිරියට දැනෙයි. එබැවින් පසුපසට වන්නට වැඩි බරක් රඳවනු ලැබේ. එවිට කන්ද ඇදීමේදී යම් අපහසුතාවක් දැනුනද පල්ලම බැසීමේදී ඉදිරිපසට ඇතිවන අවදානම අවම කරගත හැකිය.

සඳ මතුපිට ජීවීන් නොපවතී ද?

ජීවීන්ට ක්‍රියාත්මක වීමට වායුගෝලයක් අවශ්‍යයයි. සඳ මතුපිට ජලය නොමැති අතර පැවැත්මට අවශ්‍ය අත්‍යවශ්‍ය සාධක ද නොමැත. එබැවින් ජීවීන් පැවතීමට අවස්ථාවක් නැත. එය දැනට ඇති මතයක් විතරයි. එයට හේතුව විවිධ පරිසරයන්ට අනුවර්තනය වී ඇති ශ්වසනය නොකරන ජීවීන් සිටිය හැක.

මහළු වෙනකොට සම රැලිවැටෙන්නේ ඇයි?

මහළු වියේදී තම දුර්වල ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගන්නට සම යට ඇති තෙල් හෙවත් මේද තට්ටුව දියවේ. එවිට පිරුණු පෙනුම නැතිවෙන නිසා තමන්ගේ ශරීරය වසා තමාව අලංකාර ලෙස පෙන්වමින් තිබූ තම හම රැලි වැටුනු ස්වභාවයක් ගනී.

ඇඹුල් ආහාර දත් හිරිවට්ටයි

දත්වල ඇති එනමලය කිසියම් දියකිරීමක් කරන්නට ඇඹුල්වල ආම්ලික ගතියට හැකියාවක් ඇත. එනිසා දත්වල ඇති ස්නායු පිටතට විවෘත වන නිසා දත් හිරිවැටීමක් වැනි දෙයක් සිදුවේ.

Ice Sheets

ලොව වැඩිම ප්‍රමාණයක් මිරිදිය ජලය අන්තර්ගත වී ඇත්තේ කුමන ස්ථානවල ද?

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව ලෝකයේ මිරිදිය සම්පත් සඳහා මගපෙන්වීමෙ හි ලෝකයේ මුළු ජල ප්‍රමාණයෙන් 96% කට වඩා වැඩි ප්‍රමාණයක් එහි සාගරයේ රඳවා ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් එය මූලික වශයෙන් ලුණු ජලයයි. ලෝකයේ මිරිදිය ජලයෙන් වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට ඔබ ධ්‍රැව වෙතට යා යුතුය. ඒ අනුව ලොව වැඩිම ප්‍රමාණයක් මිරිදිය ජලය අන්තර්ගත […]